-->

2014/04/21

Nokia වෙළඳ නාමය Microsoft Mobile ලෙස වෙනස්කිරිමේ සැලැස්මක්.


               Nokia උපාංග හා ‍සේවා මිලදී ගැනීමේ Microsoft ගණුදෙනුව මේ මස අගදී සම්පූර්ණ වීමට නියමිතයි.  මේ සඳහා සූදානම් වන ලෙස දන්වා Nokia හි supplier base වෙත නිකුත් කෙරුනු ලිපියක් පසුගියදා අන්තර්ජාලයට නිකුත්වී තිබුනා. ඒ අනුව නුදුරේදීම Nokia Oyj, Microsoft Mobile Oy ලෙස නම් කෙරෙනු ඇතී.

2014/03/05

Windows Phone, Cortana හඬ සහායක යෙදුමේ වීඩියෝවක් නිකුත්වෙයි.


              Windows Phone 8 මගින් හඳුන්වා දීමට නියමිත Cortana හඬ සහායක යෙදුමේ වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත්වී තිබෙනවා. මෙය Apple iPhone සහ  iPad වල භාවිතා වන  Siri යෙදුමට සහ Google Now යෙදුමට සමාන යෙදුමක්. මේ වීඩියෝව අන්තර්ජාලයට නිකුත්කොට ඇත්තේ මීට පෙරද Windows Phone  සම්බන්ධ තොරතුරු අන්තර්ජාලයට නිකුත්කල වෙබි අඩවියක් මගින්මයි.

2014/03/04

iPhone Siri ට Microsoftගෙන් අභියොගයක්; Windows Phone වෙතින් Cortana.



              තවමත් නිල වශයෙන් තහවුරු නොකල iPhone Siri සහ Android Google Now සඳහා Windows Phone 8.1 පිළිතුර,  Cortana පෞද්ගලික ඩිජිටල් සහකරු පහසුකම සම්බන්ධ පරිශීලක අතුරුමුහුනතේ(ui) ඡයාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත්වී තිබෙනවා. මේ පිළිබඳ පළමුවෙන්ම තොරතුරු වාර්ථා වූයේ පසුගිය සැප්තැම්බර් මාසයේ. මෙය පරිශිලක අණ අනුගමනය කළහැකි කෘතිම බුද්ධියක්.