-->

2014/06/12

Tom Clancy’s The Division හි ඉදිරිපත් කිරීමක් E3 හිදී.


          Ubisoft, E3 සම්මන්ත්‍රණයේදී Tom Clancy ක්‍රීඩා මාලාවේ මීළග කතාංගය වන The Division හි gameplay ඉදිරිපත් කිරීමක් සිදු කොට තිබෙනවා. මෙයත් සුපුරුදු Tom Clancy රටාවේ third-person tactical shooter action role-playing ආකාරයේම ක්‍රීඩාවක්. මෙය Tom Clancy හි The Division ක්‍රීඩා මාලාවේ පළමු වැන්නයි.

              මෙහි දී ක්‍රීඩකයාට "Strategic Homeland Division (SHD)" නැමැති කණ්ඩායමක භටයෙකු වශයෙන් ක්‍රීඩා කිරීමට ලැබෙනවා. එක්සත් ජනපද වාසීන් වෛරස ආසාදනක් නිසා මියයමින් සිටින අවස්තාවක ඉතිරිවූවන් බෙරා ගැනීමේ කාර්යය ක්‍රිඩකයාට පැවරෙනවා.

              Ubisoft මෙය නිකුත් කිරීමේ දිනය තවමත් නිළ වශයෙන් ප්‍රකාශ කොට නැහැ. කෙසේවෙතත් 2015 වසරේ මෙය නිකුත් කිරීමට නියමිතයි.

Tom Clancy’s The Division සඳහා අවශ්‍ය අවම අවශ්‍යතා මෙසේයි. Intel Core 2 Duo E6700 2.66GHz හෝ AMD Athlon 64 X2 Dual Core 6000+ සකසනයක්, NVidia GeForce GTS 450 හෝ AMD Radeon R7 250 2GB GDDR5 VGA, 3 GB RAM,                Win Vista 32, DX 11, 20 GB මතකයක්.