Ubisoft, නිල වශයෙන් Watch Dogs
පරිගණක ක්‍රීඩාව නිකුත් කිරීම මැයි 27 සිදුකරන බව පසුගියදා දන්වා සිටියා. මේ සමග Ubisoft ක්‍රීඩාව ගැන වැඩි අවබෝධයක් ලබා ගත හැකි නව
පුර්ව ප්‍රචාරක විඩියෝවක්ද කිනුත්කලා. නමුත් Wii U සඳහා
Watch Dogs නිකුත්කිරීම නැවත වරක් කල්ගොස් තිබෙනවා.
නව පුර්ව ප්‍රචාරක විඩියෝව මගින් ක්‍රීඩාව
කුමන ආකාරයේ එකක් වේද යන්න හොඳින් පැහැදිලි කොට තිබෙනවා. මෙහි graphics ඉතා ඉහල මට්ටමේ පවතින බව Ubisoft ප්‍රකාශ කරනවා. මෙය PlayStation
3, PlayStation 4, Xbox One, Xbox 360
සහ පරිගණක සඳහා එකවරම මුදා හැරෙණු ඇතී.
මේ සඳහා පරිගණකයෙ තිබිය යුතු අවම අවශ්‍යතා මෙසේයි.
Intel Core 2
Quad Q8400 2.66GHz
හෝ Phenom II X4
940 සකසනයක්, GeForce GTX 460 768MB
හෝ Radeon HD 5770
1024MB VGA, 6
GB RAM, Win Xp 64bit, DX 9 සහ 20 GB
මතකයක්.




