-->

2014/03/07

Nexus 6 සහ Nexus smart ඔරලෝසුව LG වෙතින් ලඟදීම


           පසුගිය මාසයේ Mobile World Congress 2014 හිදි, Android සභාපති Sundar Pichai පැවසුයේ මේ වසර මැදදී මීලඟ Nexus දුරකථනය නිකුත් කරන බවයි. නවතම තොරතුරු අනුව LG, Nexus දුරකථනය පමණක් නොව smart ඹරලෝසුවක්ද නිකුත් කරනු ඇතී.


            Gizmodo හි ජර්මානු ශාකාව පවසා ඇත්තේ LG දැනටමත් Nexus 6 smart ඹරලෝසුව නිර්මාණය කරමින් සිටින බවයි. ඊට අමතරව Nexus 6 දුරකථනයේම සුළු වෙනස්කම් සිදු කරන ලද ආකාරයක්  LG G3 දුරකථනය ලෙස නිකුත් කරනු ඇතී.


             Google ආයතනය LG සමග එක්වී Nexus Smart ඹරලෝසුව නිර්මාණයට කටයුතු කරන බව පැවසෙනවා. මෙහි බොහෝදුරට Google Now අතුරුමුහුණත ක්‍රියාත්මක වනු ඇතී. මේ තොරතුරු තවමත් නිල වශයෙන් තහවුරු කොට නැහැ.