-->

2014/02/25

Samsung ආයතනය අඟල් 5.1ක තිරයකින් යුත් Galaxy S5 එලිදක්වයි.


               සියලු දෙනා උනන්දුවෙන් බලා සිටි Samsung Galaxy S5 එලිදක්වා තිබෙනවා. මෙහි පිටුපස තවමත් ලෙදර් (leather-like) වැනි පෙනුමෙන් යුතු වුවත් දුරකථනය නවතම ස්වරූපයකින් යුතු වනවා.


               ප්‍රමාණයෙන්  142.0 x 72.5 x 8.1 mm වන මෙය 145g බරින් යුක්තයි.  IP67 සහතික කිරීම සහිත (දුහුවිලි සහ ජල ප්‍රතිරෝධී)  Galaxy S5, ඇඟිලි සළකුණු සංවේදකයක් (fingerprint sensor - home බොත්තම මත) සහ හෘද ස්පන්දන සීඝ්‍රතා දර්ශකයක් (heart rate monitor - පිටුපස කැමරාව අසල) සහිතයි.

              අවාසනාවකට Galaxy S5, S4 පූර්වකයෙන් වෙනස් වන්නේ සුළු වශයෙන්. අඟල් 5.1ක Super AMOLED  1080p තිරයකින්, Qualcomm Snapdragon 805 Quad-core 2.5 GHz Krait 400 සකසනයකින්, 2GB  RAM, 16MP ප්‍රධාන කැමරාවකින් සහ 2 MP ඉදිරිපස කැමරාවකින් මෙය සමන්විතයි. මතකය 16GB හෝ 32GB වන අතර  microSD  මගින් එය 128GBදක්වා වැඩි කල හැකියි.  LTE Cat4 ( 150Mbps දක්වා), WiFi a/b/g/n/ac (MIMO 2x2), Bluetooth 4.0 LE, ANT+, NFC,  IR blaster, සහ USB 3.0 පහසුකම් මෙහි අඩංගුයි.

             Galaxy S5, 2,800 mAh බැටරිය පැය 390 standby කාලයක් හෝ පැය 21ක කථා කාලයක් ලබා දෙනවා.


             කලින් බලාපොරොත්තු වූ පරිදි මෙහි කැමරාව 2160p පටිගත කිරීම් සඳහා සහයෝගය දක්වන අතර මෙය  Android 4.4.2 KitKat භාවිතා කරනවා.

අදාල

Sony Xperia Z2 හඳුන්වාදෙයි.
Samsung Gear 2 සහ Gear 2 Neo නිකුත්කරයි.
Samsung Gear Fit හඳුන්වාදෙයි.