-->

2014/02/25

"Thief 2014" පරිගණක ක්‍රීඩාව නිකුත්වෙයි.

                "Thief 2014" Thief ක්‍රීඩා මාලාවේ 4 වැන්නයි.  මෙය Eidos Montreal  විසින් නිපදවනු ලැබූ අතර  Thief: The Dark Project - 1998 , Thief 2: The Metal Age -2000  (Looking Glass නිශ්පාදනය කරන ලද)  සහ Thief: Deadly Shadows – 2002  (Ion Storm නිශ්පාදනය කරන ලද)  මීට කලින් තිකුත්වූවා.


                මෙහි Graphics ඉතාම ඉහල ආකර්ශණීය මට්ටමක පවතිනවා. මෙහි ක්‍රීඩා කළ යුතු ආකාරය ඉතාම වෙනස් අතර සටන් සඳහා ඉතා අඩු ඉඩකුයි වෙන් කර තිබෙන්නේ.

කථාව සැකෙවින් මෙසේයි.
                Garret වෘත්තීය සොරෙක්. කාන්තාවක් නිසා අකරතැබ්බයකට ඔහු මුහුණ දෙනවා. එහිදී ඔහුට අද්භූත බලයක් ලැබෙනවා. ඔහු මේ හැකියාවනුත් සොරකමටම යොදවනවා.

                මේ ක්‍රීඩාවට  Destructoid ලකුණු 7.5/10, Edge ලකුණු 7/10, Electronic Gaming Monthly ලකුණු  3.5/10, Game Informer ලකුණු   90/100, GamesRadar ලකුණු  3.5/5, GameSpot  ලකුණු  6/10, IGN  ලකුණු  6.8/10, Joystiq ලකුණු 4/5 , Official PlayStation Magazine (UK)  ලකුණු 7/10, Official Xbox Magazine UK  ලකුණු 7/10, Polygon  ලකුණු  6/10ක්ද ලබාදී තිබෙනවා.

                මෙය සඳහා අවම අවශ්‍යතා මෙසේයි. Core 2 Duo E8200 2.66GHz හෝ Athlon II X2 සකසනයක්, GeForce GTS 250 හෝ Radeon HD 4830 512MB  VGA, 4 GB RAM, Win Vista 64,  DX 10, 20 GB ඉඩක්.



Thief 2014 trailer



Thief 2014 gameplay