Samsung ආයතනය නව අතථ්‍ය යතුරු පුවරු (virtual keyboard) තාක්ෂණයක් දියුණු කොට තිබෙනවා. මෙහිදී ඔබේ අතේ ඇඟිලිම යතුරු පුවරැවක් බවට පත් කරන්නේ ඇඟිලි පුරුක් අදාල බොත්තමට අනුව අනුරූපණය (mapping) කරමින්.
Samsung පේටන්ට් ඉල්ලුම් පත්‍රයට අනුව මෙය ක්‍රියාත්මක
වන්නේ, ඇඟිලි වල වෙනස් වෙනස් කොටස් මත ගතික (dynamic)
යතුරු සිතියමක් (key map) නිර්මාණය කොට මහපට ඇඟිල්ලෙන් අදාල යතුර තොරා ගැනීමට
සැලැස්වීමෙන්. කැමරාවක් මගින් ඉහත ක්‍රියාවලිය නිරීක්ෂණය කෙරෙනවා. මෙය මේ වසර
ඇතුලතදීම Samsung Galaxy Glass වැනි පැළඳිය හැකි උපකරණ වල භාවිතයට නියමිතයි.
එමෙන්ම භාෂාව හා අවශ්‍යතාවය අනුව (එනම් එක අතක්
හෝ අත් දෙකම භාවිතය වැනි කාරණා වලදී) මේ යතුරු පුවරුව තමන්ට අවැසි අයුරින් වෙනස්
කර ගැනීමට පරිශිලකයාට හැකියි.
දෑතම භාවිතා කරන අවස්ථාවේදී හැම අකුරටම නියමිත
ස්ථානයක් ලැබෙනවා. පරිශිලකයාට අදාල ස්ථාන සිහි තබාගැනීම හෝ Epson Moverio යොදා ගන්නා තාක්ෂණය වැනි තාක්ෂණයක් යොදාගිනිමින් අඟලි මත මැවෙන යතුරු පුවරුව භාවිතා
කිරීම කල හැකියි.
මෙය යතුරු පුවරුවක් ඇතුලත් කල නොහැකි කුඩා ප්‍රමාණයේ
උපකරණ වලට කදිම විසදුමක් වනවා.
මේ ක්‍රියාවලියේදී දිගටම ක්‍රියාත්මක වන කැමරාව
නිසා බැටරියේ ආරෝපණය නම් ඉක්මනින්ම පහත බසිනවා. නමුත් මේ සඳහා වෙන විසඳුමක් නැහැ.
මේ ක්‍රමයේ නිවරද්‍යතාවය ගැනත් යම් යම් සැක සංකා පවතිනවා.
පේටන්ට් බලපත්‍රය..







