-->

2014/03/06

Micromax ආයතනය octa-core Canvas Knight දුරකථනය හඳුන්වාදෙයි.


            ජවසම්පන්න දුරකථන ප්‍රියකරන පාරිභෝගිකයන්ට සුදුසු, Micromax ආයතනයේ පළමු octa-core සකසනයක් සහිත දුරකථනය, Canvas Knight A350, වෙළදපොලට නිකුත්කර තිබෙනවා.


             Knight දුරකථනය  MediaTek 2GHz True Octa-Core MT6592T සකසනයකින් යුතුයි. Micromax ආයතනය මෙය බහුකාර්ය වැඩපොලක් ලෙස හඳුන්වා දී තිබෙනවා.

             එමෙන්ම Canvas Knight දුරකථනයේ  5” SHARP full HD තිරයක්, 2GB RAM මතකයක්, 16MP ප්‍රධාන කැමරාවක්, 8MP ඉදිරිපස කැමරාවක්,  2350 mAh බැටරියක් සහ 32GB අභ්‍යන්තර මතකයක් තිබෙනවා. Android 4.2.2 මෙහෙයුම් පද්ධතියකින් යුතු මේ දුරකථනය කළු, සුදු සහ රන්, කළු සහ රන් යන වර්ණ තුනෙන් ලබාගත හැකියි.

   

Knight  දුරකථනයේ Yamaha Music Amplifier පහසුකමද තිබෙනවා. මෙමගින් ඉහල තත්වයේ audio output ලබාගත හැකි බව Micromax  ආයතනය පවසනවා.

Canvas Knight දුරකථනය ඉන්දියානු රුපියල් 20,000 කට මිල කර තිබෙනවා.

වැඩි විස්තර සඳහා www.micromaxinfo.com වෙත පිවිසෙන්න.
full specifications here.