පසුගියදා Twitter ගිණුමක්, Microsoft ආයතනය
DirectX 12 එලඹෙන GDC 2014 (Game Developers Conference) හිදී එළිදැක්වීමට නියමිත බව ප්‍රකාශ කර සිටියා.
එමෙන්ම මෙය තහවුරු කිරීමට මේ Twitter ගිණුම වෙනත්
අන්තර්ජාල පිටුවක්ද ඒ හා සම්බන්ධ කර තිබුනා. GDC
2014 සමුළුව මාර්තු 17 සිට 21 දක්වා San Francisco,
California හිදී පැවැත්වෙනු ඇතී.
එමෙන්ම GDC
වෙබ් අඩවියද මේ පිළිබද සඳහන් කරම්න්, මෙම සමුළුවේ මේ අංගය "DirectX:
Evolving Microsoft's Graphics Platform" ලෙස දක්වා
තිබුණා.
GDC වෙබ් අඩවියට අනුව Microsoft ආයතනය මෙදිනම (මාර්තු 20) "DirectX:
Direct3D Futures" නමින් තවත් අංගයක් ඉදිරිපත් කිරීමට නියමිතයි.
නමුත් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකොට නැහැ.




