-->

2014/04/09

Windows 8.1 යාවත්කාලීනය නිකුත්වෙයි.


              Windows 8.1 සඳහා වන පළමු ප්‍රධාන යාවත්කාලීනය ඊයේ නිකුත් කරනු ලැබුවා. මෙ මගින් Windows 8.1 හි අතුරුමුහුණතේ වෙනස්කම් කිහිපයක් සිදුකෙරෙනු ඇතී. Windows Update මගින් මෙම යාවත්කාලීනය ඔබට ලභාගත හැකීයි.

2014/03/06

Microsoft DirectX 12 හඳුන්වා දීමට සූදානම්



              පසුගියදා Twitter  ගිණුමක්, Microsoft ආයතනය DirectX 12  එලඹෙන GDC 2014 (Game Developers Conference) හිදී එළිදැක්වීමට නියමිත බව ප්‍රකාශ කර සිටියා. එමෙන්ම මෙය තහවුරු කිරීමට මේ Twitter ගිණුම වෙනත් අන්තර්ජාල පිටුවක්ද ඒ හා සම්බන්ධ කර තිබුනා. GDC 2014 සමුළුව මාර්තු 17 සිට 21 දක්වා San Francisco, California හිදී පැවැත්වෙනු ඇතී.

2014/03/04

Microsoft, XP සඳහා සහයෝගය නිමකිරීම නිල වශයෙන් දැනුම්දේ.



              Microsoft, Windows XP සඳහා සහයෝගය අප්‍රේල් 8 සිට නතර කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව තවදුරටත් XP සඳහා සුරැකුමි යාවත්කාලීන (security updates) නිකුත් කිරීම සිදු නොවනු ඇතී. Microsoft  හට අවශයව ඇත්තේ XP  භාවිතා කරන්නන් නව මෙහෙයුම් පද්ධති සඳහා යොමු කිරීමයි.

2014/02/28

Windows 8.1 යාවත්කාලීනය නිකුත්කිරීම අප්‍රේල් 8


                 Windows XP තවමත් තම පරිගණක වල භාවිතා කරන බොහෝ පිරිසක් සිටිනවා. Microsoft මේ තත්වය වෙනස් කිරීම සඳහා දැඩි උත්සහයක් දරන අතර එහි තවත් පියවරක් ලෙස අප්‍රේල් 8 සිට Microsoft ආයතනය Windows XP සඳහා සහය දැක්වීම නවත්වනු ඇතී. එදිනම Windows 8.1 යාවත්කාලීනයද (update) නිකුත්කිරීමට නියමිතයි.

2014/02/23

Windows 8.1 යාවත්කාලීනය විස්තර කෙරේ. නිකුත්කිරීම අප්‍රේල් මාසයේ.

                    Microsoft හි උප සභාපති Joe Belfiore, Mobile World Congress 2014 හිදී නව Microsoft Windows 8.1 යාවත්කාලීනය (update) ගැන විස්තර කර තිබෙනවා. ඔහුට අනුව මෙයින් ප්‍රධාන වශයෙන් ස්පර්ශ නොවන පරිගණක වල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම සිදුවනවා. මීට අමතරව විකල්ප දෘඩාංග සඳහා සහයෝගය වැඩිකිරීම (more hardware options) සහ අධ්‍යාපන සහ ව්‍යාපාර සඳහා සහයෝගය වැඩිකිරීම සිදුවනු ඇති.