-->

2014/02/23

Windows 8.1 යාවත්කාලීනය විස්තර කෙරේ. නිකුත්කිරීම අප්‍රේල් මාසයේ.

                    Microsoft හි උප සභාපති Joe Belfiore, Mobile World Congress 2014 හිදී නව Microsoft Windows 8.1 යාවත්කාලීනය (update) ගැන විස්තර කර තිබෙනවා. ඔහුට අනුව මෙයින් ප්‍රධාන වශයෙන් ස්පර්ශ නොවන පරිගණක වල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම සිදුවනවා. මීට අමතරව විකල්ප දෘඩාංග සඳහා සහයෝගය වැඩිකිරීම (more hardware options) සහ අධ්‍යාපන සහ ව්‍යාපාර සඳහා සහයෝගය වැඩිකිරීම සිදුවනු ඇති.


                    මෙම යාවත්කාලීනය search, power, සහ settings  ඇරඔුම් තිරයට (start screen) ගෙන එනු ඇතී. නව මූසික අනුරුමුහුනතක්  (new mouse UI for right-click (start) and close (apps)) සහ පහසු යෙදවීම් දියත්කිරීමේ හැකියාවද (easy app launching) මෙය සතුයි.

                    Windows 8.1 මීලඟ යාවත්කාලීනය RAM 1GB  සහ මතකය 16GB වන පරිගණක වලත් භාවිතයට හැකි වනු ඇති.

                    Windows 8 / 8.1 සඳහා OS X වලට වඩා වැඩි වෙළඳපොලක් මේ වනවිට ලොව පුරා පවතින බව Belfiore තවදුරටත් පවසනවා.