ඔරලෝසුවේ කාර්යයට අමතරව මෙයින් රැහැන් රහිතව ඔබගේ ජංගම දුරකථනය හා සම්බන්ධ විය හැකියි. මෙ තුල සඟවා earpiece ක් ඇති අතර එය ඉවතට ගෙන දුරකථන ඇමතුම් ලබා ගත හැකියි.
Talkband B1 වර්ණ කිහිපයකින් සහ Nike, fuel වැනි ලාංඡන සහිතව මිලදී ගත හැකියි. මෙය 1.4 “ ක නම්‍යශීලී OLED තිරයකිනුන්, සම්පූර්ණ ආරෝපණය සඳහා පැය 2ක් ගතවන 90mAh (දින 6කට සෑහෙන) බැටරියකිනුත් සමන්විතයි. ඝනකම 14.6mm වනවා.
මීට අමතරව පඬි නැගීමෙන් කැලරි කොපමණක් දහනය කර ඇත්ද වැනි සුපුරුදු යොග්‍යතා පහසුකම් වලට අමතරව “smart alarm” පහසුකමක් මෙහි පවතිනවා. ඒ මගින් ඔබගේ නිද්‍රා රටාවට අනුව සුදුසුම වේලාවේ ඔබව අවදි කරනු ලබනවා.
Huawei Talkband සඳහා තවම මිලක් සඳහන් කර නැතත්, එය මිල අධික නොවනු ඇති බවට විශ්වාස කරනවා. මෙය 2014 දෙවන කාර්තුවේදී නිකුත්කිරමට නිමිතයි.







