-->

2014/02/24

Huawei ලොව සිහින්ම 7" ටැබ්ලටය හඳුන්වාදෙයි.


                   Huawei,  Mobile World Congress 2014  හිදී  Ascend G6 දුරකථනයත්,  ලොව සිහින්ම 7" ටැබ්ලටය වන MediaPad X1, 8" MediaPad M1 සහ TalkBand B1 හඳුන්වාදෙනු ලැබුවා.



                   MediaPad X1 ඝනකමින් 7.18 mm පමණක් වනවා. (Nexus 7 2013 එය  8.4 mm අතර  iPad mini 2 හි 7.5 mm වනවා). එහි පටු ස්වරූපය නිසා එහි බර 239 g අඩු කර ගැනීමට හැකිව තිබෙනවා. මෙහි 7" තිරය 1080p විභේදනකින් යුතු අතර ppi  අගය 323 ක් වනවා.

                   Ascend G6 සහ  MediaPad M1, LTE Cat 4 අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා සඳහා සහයෝගය දක්වනවා.

                   Ascend G6, qHD (540 x 960) විභේදනයකින් යුතු  4.5" තිරයකින්ද, a quad-core 1.2 GHz සකසනයකින්ද (processor), 5 MP ඉදිරිපස කැමරාවකින්ද 8 MP පිටුපස කැමරාවකින්ද සමන්විතයි.

                   MediaPad M1 හි DTS surround sound හැකියාව සහිත ඉදිරිපස ද්විත්ව ස්පීකර සහිතයි. එහි  8" තිරය 1280 x 800 විභේදනයකින් යුතුයි. මෙහි බැටරිය  4800 mAh වන අතර  reverse charge පහසුකම සහිතයි. (වෙනත් උපාංග මෙය මගින් ආරෝපණය කර ගත හැකියි.)

සියලු උපාංග Android 4.2 Jelly Bean සහ  Huawei's Emotion UI අතුරු මුහුණත සහිතව පැමිනෙණවා.