-->

2014/02/24

Nokia, Android මෙහෙයුම් පද්ධතිය සහිත Nokia X, X+ සහ XL හඳුන්වාදෙයි

                  4"ක LCD තිරයක් සහිත Nokia ආයතනයේ පළමු Android සහිත ජංගම දුරකථන Nokia X, Nokia X+ සහ Nokia XL,  Nokia සහ Microsoft යෙදුම් (app) සහිතව හඳුන්වා දී තිබෙනවා.



                   Nokia X, X+ සහ XL, 1GHz dual-core Qualcomm Snapdragon 8225 සකසනයකින් සහ 4GB අභ්‍යන්තර මතකකින් යුතුයි. අමතරව microSD card මගින් මතකය 32GB දක්වා වැඩිකල හැකියි.

                   Nokia X සහ XL , 4" ක 800x480 IPS LCD capacitive ස්පර්ශ තිරයකින් සමන්විතයි. ppi  අගය 233ක්. Nokia  XL  හි තිරය 5“ක්. Nokia X හි  RAM 512MB වන අතර  Nokia X+  සහ  XL හි RAM 768MB වනවා.

                  Nokia XL, 5MP LED flash සහිත පිවුපස කැමරාවකින්ද, 2MP ඉදිරිපස කැමරාවකින්ද යුතුයි. Nokia X සහ X+, 3MP fixed focus ප්‍රධාන කැමරාවකින් යුතුයි. දුරකථන 2කම 129 g  වන අතර මෙයට 1500mAh බැටරියක්ද අයත්. මෙය පැය 10.5  3G කතා කාලයකට හෝ standby දින 17 කට ප්‍රමාණවත්. ගී වාදනය පැය 26 ක්ද , video වාදනය පැය  8.4 ක් ලෙසත් දැක්වෙනවා.

                   Nokia X හි Nokia Glance Screen පහසුකම සහිතයි. Windows Phone 8 UI අතුරු මුහුණතට සමාන tiles මෙහිත් දක්නට ලැබනවා. මෙම  tile තමන්ට කැමති අයුරින් ප්‍රමාණය වෙනස් කල හැකියි.

                  නමුත් මේවාට Google Play සේවා ලබාදී නැහැ. දුරකථනවලට යෙදුම් (apps) ලබාගැනීමට Nokia store සහ Yandex Store භාවිතා කල හැකියි.