-->

2014/06/13

GTA V, PS4, Xbox One සහ පරිගණක සඳහා නිකුත් කිරීම ඉක්මනින්ම, බොහෝවිට සැප්තැම්බරයේ හෝ ඹක්තොඹරයේ


              GTA  ලෝලීන් කලක් පටන්ම බලාසිටි අවස්තාව දැන් එළඹී තිබෙනවා. GTA V පරිගණක, PS4 සහ Xbox One සඳහා නිකුත් කිරීම Rockstar, E3 සම්මන්ත්‍රණයේදී නිල වශයෙන් ප්‍රකාශ කොට තිබෙනවා. පසුගිය වසරේ GTA V, PS3 සහ Xbox 360 සදහා නිකුත්වුවා.

             Grand Theft Auto V එතෙක් මෙතෙක් Rockstar නිපදවූ සාර්ථකම ක්‍රීඩාව බවට පත්වී අවසානයි. Grand Theft Auto V ගිනස් වාර්ථා 7කට හිමිකම් කියනවා. පැය 24ක් ඇතුලතදී වැඩිම අලෙවියක් දැක්වු ක්‍රීඩාව, ඩොලර් බිලියනයේ සීමාව ඉක්මනින්ම පසුකළ ක්‍රීඩාව ඒවා අතරින් කිහිපයක්. නව පරිගණක හා ක්‍රිඩා කොන්සෝල වල සම්පුර්ණ හැකියාවන් භාවිතා කළ හැකි පරිදි GTA V නිපදවා තිබෙන බව Rockstar පවසනවා.

Rockstar, GTA V පෙර ඇනවුම් භාරගැනීම ජූනි 10 ආරම්භ කරන බව සඳහන්. ඉතින්, සූදාමෙන් සිටිමු!


           GTA V ක්‍රීඩා කිරීමට ඔබ සතුවිය යුතු අවම අවශයතා මෙසේයි. Intel Core 2 Duo E8200 2.66GHz හෝ AMD Phenom II X2 545 සකසනයක්, NVidia GeForce GT 530 හෝ AMD Radeon HD 6570 1GB DDR3, 4 GB RAM, Win 7 64, DX 11, 20 GB මතකයක්.