Samsung තම
Gear smartwatch සදහා විශාල වෙනස්කමක් සිදුකරමින් Gear 2 සහ Gear 2 Neo
නිකුත්කර තිබෙනවා. මේවා පෙරට වඩා ඝනකමින් සහ බරින් අඩු වන අතරම Android මෙහෙයුම් පද්ධතිය වෙනුවට Samsung
Tizen
මෙහෙයුම් පද්ධතිය භාවිතා කරනවා.
නව Samsung Gear 2 (Galaxy නාමය භාවිනා නොකරන්නේ ඒවා තවදුරටත් Android උපාංග නොවන නිසා) 1.63" Super AMOLED තිරයකින්ද, 320 x 320 විභේදනයකින්ද (resolution), dual-core 800 MHz සිට 1GHz දක්වා වූ සකසනයකින්ද (processor) සමන්විතයි.
මීට අමතරව හෘද ස්පන්දන සීඝ්‍රතා සංවේදකයක් සහිත වඩා හොඳ සෞබ්‍ය සංවේදක කටිටලයකින්ද, උපාංග දුරස්ථ පාලනය සඳහා අධොරක්ත කවුළුවකින්ද (Infrared
port) සමන්විනයි.
මෙහි අභ්‍යන්තර මතකය 4GB
වන අතර RAM -512
MB වනවා. මෙහි බැටරිය 300mAh (කලින් එය 315mAh වූවා) පසුබෑමට කාරණයක් වූවත් Tizen හි බැටරි කාර්යක්ෂමතාව Android වලට වඩා වැඩි වනු ඇති බවට අපේක්ෂා කරනවා.
Gear හි Neo අනුවාදනයේ 2MP
HD කැමරාව නොමැති අතරම එහි බර 55g පමණක් වනවා.
අඩුම වශයෙන් Gear 2 සහ Gear 2 Neo, IP67 දුහුවිලි සහ ජල ප්‍රතිරෝධි සහතික කිරීමෙන් යුතු බවට සැක කරනවා. මේවා එලඔන අප්‍රේල් මාසයේ සිට ලෝකව්‍යාප්තව නිකුත්කිරීමට නියමිත නමුත් මිල ගැන කිසිදු සඳහනක් නැහැ.
අඩුම වශයෙන් Gear 2 සහ Gear 2 Neo, IP67 දුහුවිලි සහ ජල ප්‍රතිරෝධි සහතික කිරීමෙන් යුතු බවට සැක කරනවා. මේවා එලඔන අප්‍රේල් මාසයේ සිට ලෝකව්‍යාප්තව නිකුත්කිරීමට නියමිත නමුත් මිල ගැන කිසිදු සඳහනක් නැහැ.