-->

2014/02/23

Jolla ආයතනය Sailfish 1.0 මෙහෙයුම් පද්ධතිය නිකුත්කරයි.

                  Jolla, Nokia ආයතනයේ සේවය කරන ලද සේවක පිරිසකගෙන්ද සමන්වින ජංගම දුරකථන නිෂ්පාදකයා, Sailfish 1.0 මෙහෙයුම් පද්ධතිය නිකුත්කර තිබෙනවා. මෙම යාවත්කාලීනය ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති ඉතිහාසයේ කඩයිමක් වන අතරම දැන් මෙය ව්‍යාපාරික වශයෙන් බෙදාහැරිමට සුදුසු තත්වයට පත්ව නිබෙනවා. (කලින් මෙය beta ආකාරකිනුයි පැවනුනේ)


                  මෙයින් නව විශේෂාංග රැසක් යාවත්කාලීන කර තිබෙනවා. ඊට අමතරව ක්‍රියාකාරීත්වය (performance) වැඩි දියුණු කිරිම, දෘශ්‍ය ක්‍රියාකාරීත්වය දියුණු කිරිම, දීර්ඝ කරන ලද භූ දර්ශන සහයෝගය(extended landscape support), නව සාමාන්‍ය සැකසීමි සහ කැමරා ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරිමද මීට අයත්.

                  Jolla තම ව්‍යාපාර රුසියාව, හොංකොං, ඉන්දියාව දක්වා  ව්‍යාප්ත කර තිබෙනවා. නමුත් දැනට Jolla දුරකථන ලබාගත හැක්කේ ෆින්ලන්තයේදී පමණයි.

Sailfish OS 1.0, Jolla ජංගම දුරකථන සඳහා මාර්තු මාසයේ මුල සිට ලබාගත හැකියි.