-->

2014/06/11

Call of Duty: Advanced Warfare හි එළිදැක්වීමක් E3 සම්මන්ත්‍රණයේදී


              මේ වසරේ E3 සම්මන්ත්‍රණය ආරම්භ වූයේ Call of Duty: Advanced Warfare හි දර්ශණීය ඉදිරිපත් කිරීමක් සමගයි. මෙම ඉදිරිපත් කිරීම මගින් පරිගණක ක්‍රීඩාව තුල ක්‍රීඩකයා තව දුරටත් සොල්දාදුවෙකුට සීමා නොවන බව මැනවින් පැහැදිලි කරදී තිබුනා. Call of Duty: Advanced Warfare කථාව 2054ට අයත් අතර විශාල යන්තු සූත්‍ර සමග අනාගත ආකාරයේ සටනක් මෙහිදී ක්‍රීඩකයාට අත්විඳිය හැකියි.


            නමුත් මෙම ඉදිරිපත් කිරීම කර තිබුනේ Xbox One සංස්කරණයේ පමණයි. කෙසේ වෙතත් පරිගණක සහ  Play Station සඳහාත් නිකුත් කෙරෙනු ඇතී.

Call of Duty: Advanced Warfare 2014 නොවෙම්බර් 4 නිකුත් කිරීමට නියමිතයි.

            මෙය ක්‍රීඩා කිරීම සඳහා ඹබ සතුවිය යුතු අවම අවශ්‍යතා මෙසේයි. Intel Core 2 Duo E8200 2.66GHz හෝ AMD Phenom 8750 Triple-Core සකසනයක්, NVidia GeForce GTS 450 හෝ AMD Radeon HD 5870 1GB VGA, 4 GB RAM, Win 7 64, DX 11 සහ 40 GB අභ්‍යන්තර මතකයක්.

Trailer