Battlefield ක්‍රීඩා මාලාවේ මීළඟ කොටස වන Battlefield: Hardline, සුපුරුදු Battlefield ක්‍රීඩා විලාශයෙන් සපුරාම වෙනස් වූවක්. මෙහිදී ක්‍රීඩකයාට යුද සෙබලෙකු ලෙස නොව, එක්සත් ජනපදයේ විවිධ ප්‍රදේශ වල අපරාධ මැඩලීමේ නිරතවන Nick Mendoza නැමැති SWAT ("Special Weapons And Tactics") නිලධාරියෙකු ලෙස ක්‍රීඩා කිරීමට ලැබෙනවා. ඊට අමතරව ක්‍රීඩකයාට Heist Mode, Rescue Mode, Hotwire Mode සහ Bloodmoney Mode වශයෙන් ක්‍රීඩා ආකාර හතරක්ද තෝරා ගැනීමට ලැබෙනවා.
මෙහි සුපුරුදු Battlefield විශේෂාංග
සියල්ලක්ම පාහේ අඩංගුයි. ඊට අමතරව නව විශේෂාංග කිහිපයක්ද හඳුන්වා දී තිබෙනවා.
විශේෂයෙන්ම මෙහි online ආකාරය Battlefield
4 ට වඩා ඉතා සාර්ථක බව පවසෙනවා.
මෙය 2014 ඔක්තොඹර් මස 21 නිකුත් කිරීමට නියමිතයි. DICE සහ Visceral Games මෙහි නිශ්පාදන කිරීම් සිදුකරනවා. ඹබ මෙතෙක් පැමිණි Battlefield ක්‍රීඩා රසවිඳ ඇත්නම් Battlefield: Hardline ඔබට නවතම අත්දැකීමක් වනු ඇතී.
Battlefield: Hardline ක්‍රීඩා
කිරීමට අවශ්‍ය අවම අවශ්‍යතා මෙසේයි. Core 2 Duo E6600 2.4GHz
හෝ Athlon 64 X2 Dual Core 5600+ සකසනයක්, GeForce 8800 GT
හෝ Radeon HD 3870 VGA, 4
GB RAM, Win Vista 32, DX 11, 30 GB
මතකයක්.





