Call of Duty ක්‍රීඩා මාලාවේ නවතම කොටස වන Call of
Duty: Advanced Warfare, නිකුත් කිරීම Sledgehammer Games විසින් නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා. මෙහි Xbox One, PS4, සහ පරිගණක ආකාර Sledgehammer විසින් නිපදවන අතර Xbox 360 සහ PS3 ආකාර නම්
සඳහන් නොකරන ලද වෙනත් ආයතනයක නිපදවෙනු ඇතී.
මෙහි single-player
හි කථාව ආරම්භ වන්නේ 2054න්. 9/11 සිදුවීම වැනි ව්‍යසනයක් සහ KVA නැමැති ත්‍රස්ථවාදී කණ්ඩායමක් පාදක කොට ගෙන මෙහි
කථාව නිපදවෙන බව Sledgehammer Games සම-ආරම්භක
Michael Condrey පවසනවා.
Call of Duty: Advanced Warfare
මගින් ක්‍රීඩකයාව නව විශේෂාංග ගණනාවක් හඳුන්වාදීමට නියම්තයි. EXO ඇඳුම් කට්ටලය ඒ අතරින් එකක්. මේ මගින් ක්‍රීඩකයාට
බිත්ති නැගීමට, ආවරණ හැකියාව වැඩිකර ගැනීමට, සුපිරි-පිමි පැනීමේ හැකියාවට අමතරව නොපෙනීයාමේ
හැකියාවත් ලබා දෙනු ඇතී. මීට අමතරව සෙලවීමෙන් ක්‍රියාත්මක කල හැකි variable
grenades, පතුරොම් රහිත තුවක්කු(energy guns), පැදවිය හැකි Pitbull
වාහන වැනි විශේෂාංග රැසක් මෙහි අඩංගු වනු ඇතී.




