“Call of Duty″ ක්‍රීඩා මාලාවේ මීලඟ කොටස
වියහැකි Modern Warfare 4 හි යැයි සැක කෙරෙන විඩියෝවක් අන්තර්ජාලයට නිකුත්
වී තිබෙනවා. “Sledgehammer” ආයතනය මෙය නිපදවන අතර මේ වසරේ නොවැම්බර් මාසයේ දි
නිකුත් කෙරෙනු ඇතී.
“Blacksmith” මෙහි කේත නාමය වනවා. මෙහි eSports සංකල්පයත්, ඉහල තලයේ multiplayer අත්දැකීමක් ක්‍රීඩකයාට ලබා දීමේ හැකියාවත් ඇති
බව ක්‍රීඩාවේ ප්‍රධාන විකාශක Michael Condrey
පවසා සිටිනවා.
කෙසේ වෙතත් Youtube වෙත
විඩියෝව නිකුත් කල DriftOr නමින් හදුන්වන අයෙක්. DigitalSpy ට අනුව ඹහු මීට පෙරද “Call of Duty:
Ghosts” දි තොරතුරු නිවැරදිව අන්තර්ජාලට නිකුත්කර තිබෙනවා.
විඩියෝවට අනුව මෙහි කථා මාලාව 2020 හෝ 2030
අතරතුර කාලයක් නියෝජනය කරනවා.




