Nokia උපාංග හා සේවා මිලදී ගැනීමේ Microsoft ගණුදෙනුව මේ මස අගදී සම්පූර්ණ වීමට නියමිතයි. මේ සඳහා සූදානම් වන ලෙස දන්වා Nokia හි supplier base
වෙත නිකුත් කෙරුනු ලිපියක් පසුගියදා අන්තර්ජාලයට නිකුත්වී තිබුනා. ඒ අනුව
නුදුරේදීම Nokia Oyj,
Microsoft Mobile Oy ලෙස නම් කෙරෙනු ඇතී.
මේ අනුව Nokia
ආයතනය Microsoft හි පූර්ණ හිමිකාරීත්වටට යටත් වනු ඇතී. එමෙන්ම Microsoft ආයතනය Nokia
හි උපාංග නිශ්පාදනයද සපුරාම සියතට ගනු ඇතී. එහෙත් Nokia
තවදුරටත් දැනට සිටින දෘඩාංග සපයන්නන් සමග දිගටම කටයුතු කරනු ඇතී.කෙසේ වෙතත් NSN, HERE සිතියම්
හා Advanced Technology unit
හි වෙනසක් සිදු නොවනු ඇතී.
Nokia ආයතනය smart ඹරලෝසුවක්
නිපදවීමට සැරසෙන බවටද ආරංචියක් පැතිර යනවා.




