-->

2014/04/21

“Grand Theft Auto V” පරිගණක අනුවාදය තහවුරුයි. නිකුත් කිරීම 2015 දී.


               Altex.ro, “Grand Theft Auto V” පරිගණක අනුවාදය තම වෙබ් අඩවියේ ලයිස්තු ගත කොට තිබෙනවා. ඒ අනුව මෙය 2015 මාර්තු 15 වනදා නිකුත් කෙරෙනු ඇතී. මෙම රුමේනියානු වෙබ අඩවිය දින කිහිපයකට පෙර මෙම ක්‍රීඩාවේ Xbox One සහ PlayStation 4 ආකාර ලයිස්තු ගත කොට තිබුනා.

               එමෙන්ම ජර්මානු වෙබ් අඩවියක් වන Saturn.de හි කළමනාකරු වන  Tech-Nick ද, Twitter  හරා ප්‍රකාශ කර තිබුනේ ලඟදිම “Grand Theft Auto V” , Xbox One, PlayStaion 4 හා පරිගණක සඳහා නිකුත් කෙරෙනු ඇති බවයි. එහෙත් ඔහු දිනයක් ප්‍රකාශ කර තිබුනේ නැහැ.

“Grand Theft Auto V” අවශ්‍ය අවම අවශ්‍යතාත් වෙබ් අඩවියේ දක්වා තිබෙනවා. ඒ අනුව NTEL CPU Core 2 Duo E4600 2.4GHz හෝ AMD CPU Athlon 64 X2 Dual Core 5400+ සකසනයක්,  Nvidia GeForce GT 340 හෝ AMD Radeon HD 3800 series VGA, 2 GB RAM මතකයක්, DirectX 10, 32 GB අභ්‍යන්තර මතකයක් ප්‍රමාණවත් වනු ඇතී. වැඩි විස්තර මෙතනින්..

නමුත් Rockstar තවමත් මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනයක් සිදු කොට නැහැ.