-->

2014/04/16

GTA V: ‘Grand Theft Auto 5’, Xbox One සහ PS4 සඳහා ලයිස්තු ගත කෙරේ. පරිගණක අනුවාදය ගැන සඳහනක් නැහැ.


              PlayStation 4 සහ Xbox One සඳහා “Grand Theft Auto V” පෙර ඉල්ලුම් (pre-order) කිරීම සඳහා රුමේනියානු වෙබ් අඩවියක ලයිස්තු ගත කොට තිබෙනවා. නමුත් Rockstar, “GTA V”, පරිගණක, Xbox One හෝ PlayStation 4 සඳහා නිකුත් කරන බවට නිල වශයෙන් තවමත් නිවේදනය කර නැහැ. “GTA V” දැනට ක්‍රිඩා කළ හැක්කේ Xbox 360 හා PS3 වල පමණයි.

              Gotgame.com, Altex නැමැති මෙම රුමේනියානු වෙබ් අඩවියේ “GTA V” පිළිබඳ සඳහන් වන ඡායාරූපයක් පල කොට තිබුණා. එ අනුව මෙය පැමිණෙනු ඇත්තේ 2015 ජූනි මස 15. මෙහි මිල ආසන්න වශයෙන් $95 ක් පමණ වනු ඇතී.



              Altex මීට පෙරද මෙවැනි පලකිරීම් සිදුකල අතරම එවා පසුව සත්‍යය වූවා. මෑතකදී Assassin’s Creed 4: Black Flag Jackdaw edition පිළිබඳව Ubisoft  නිළ වශයෙන් දැනුම්දීමට පෙර නිවැරදිව මෙම වෙබ් අඩවියේ පලකරනු ලැබී තිබුණා.


               කෙසේ වෙතත් පරිගණක අනුවාදය ගැන ආරංවි බොහෝමයක් මීට පෙර නිකුත් වූවත් අවසානයේ ඒවා ව්‍යාජ ඒවා බවට තහවුරු කරනු ලැබුවා.

අදාල,