චෙක් වෙළඳ වෙබ් අඩවියක් වන Supergamer.cz, Grand Theft Auto V
ජූනි මාසයේ නිකුත්කිරීම
නියමිත පරිගණක ක්‍රිඩා ලයිස්තුවට එක් කොට තිබෙන බව වාර්ථා වනවා. මෙය Games for Windows Live (Microsoft මේ සේවාව දැන් නවතායි තිබෙන්නේ) යටතේ වර්ගකොට දක්වා
තිබෙනවා.
මේවාට අනුව නම් Grand Theft Auto 5, එලඹෙන ජූනි මස 13,
එනම් Los Angeles හි පැවැත්වෙන E3
2014 සමුළුවෙන් පසුවදා නිකුත්වනු ඇතී.
GTA V පරිගණක සඳහා ගෙන ඒම සඳහා වන පෙත්සමක් පවා
Change.org හරහා ක්‍රියාත්මක කරනු ලැබුවා. මෙයට අත්සන් 670,000ක් ලැබීමෙන්ම ලොව පුරා මේ සඳහා දැඩි උනන්දුවක්
ඇති බව පෙනෙනවා. ලොව පුරා GTA V අනෙකුත්
අනුවාද මිලියන 32.5ක් අළෙවිව තිබෙනවා.
පසුගිය දෙසැම්බරයේත් ජර්මානු හා ප්‍රංශ Amazon සේවා GTA V
මේ වසර මුල පැමිනෙණු ඇතැයි පැවසුවා. නමුත් එය එසේ වූවේ නැහැ.
Rockstar සහ Take-Two මෙය
පරිගණක සඳහා ගෙන ඒම ගැන කිසිවක් පවසා නැහැ. නමුත් සති කිහිපයකට කලින් GTA V පරිගණක අනුවාදයේ DirectX 11හි දෝශ ඇතුලත් පිටු 150කින්
යුත් වාර්ථාවක් අනතර්ජාලයට නිකුත්වී තිබුනා.
GTA Online හි සාර්ථකත්වය සමග GTA V පරිගණක අනුවාදය ඉක්මනින්ම එලිදක්වනු ඇතැයි
බලාපොරොත්තු විය හැකියි. ආයතනයේ මූලිකත්වය GTA Online
සඳහා යොමුව තිබීමත් මෙය ප්‍රමාද වීමට තවත් හේතුවක්.
ඉහත කාරණා තවමත් නිවැරදිවම තහවුරු කොට නැහැ.
අදාල,




