Google, Apple
සතු “වාහන” ආදිපත්‍ය
බිඳ දැමීමට සූදානම් වනවා. මේ නව Android
dashboard තාක්ෂණය, Mercedes-Benz ඉන්ජිනේරුවන්ට
අනුව, Android ක්‍රියාකාරීත්වය රථයේ infotainment පද්ධතියට ලබාදීමක් වනු ඇතී. Apple පද්ධතිය සමානවම මෙය අනුවත් තම දුරකථනයේ තොරතුරු
රථයේ තිරයට, ස්පීකරයන්ට මෙන්ම බොත්තම් (button)
වලටත් ලබාදීමට හැකි වනු ඇතී.
Projected Mode පිළිබඳ තොරතුරු තවමත් හිඟ වුවත් මේ මගින් රථයට ජංගම
දුරකථනයක් හරහා දුරකථන ඇමතුම් ගැනීමේ පහසුකම, කෙටි පණිවිඩ යැවීමේ පහසුකම, navigation මෙන්ම ගී වාදනය කිරීමේ හැකියාවත් ලැබෙනු ඇතී.
Google පමණක් නොව, වාහන නිශ්පාදකයන්ද මේ ක්‍රමවේදය
දියුණු කිරිමට සැලසෙන බව පැවසෙනවා. Lexus
සහ Toyota Enform, LS 460 F SPORT
රථයකට මේ පද්ධතිය හඳුන්වා දී ඇත්තේ, driving-friendly
මෘදුකාංග රැසක්ද සමගයි.
iOS පද්ධතිය මෙන් නොව අදාල පහසුකම් සහිත ඹිනෑම රථයක infotainment
පදධතියක් සමග ක්‍රියාකිරීමේ හැකියාව Google පද්ධතිය සතුයි. නමුත් මේ සඳහා භාවිතා කරන
තාක්ෂණය ගැන පැහැදිලි හැඳින්වීමක් තවම නැහැ. නමුත් එය බොහෝදුරට Bluetooth විය හැකියි.
Mercedes, Ferrari සහ Volvo,
iOS පද්ධතිය යොදාගැණිමට කටයුතු කරන බව
පැවසෙනවා.




