-->

2014/03/03

Google “Projected Mode”; Android කාර්රථ ළඟදීම


         Google, Apple සතුවාහන ආදිපත්‍ය බිඳ දැමීමට සූදානම් වනවා.  මේ නව Android dashboard තාක්ෂණය, Mercedes-Benz ඉන්ජිනේරුවන්ට අනුව, Android ක්‍රියාකාරීත්වය රථයේ infotainment පද්ධතියට ලබාදීමක් වනු ඇතී. Apple පද්ධතිය සමානවම මෙය අනුවත් තම දුරකථනයේ තොරතුරු රථයේ තිරයට, ස්පීකරයන්ට මෙන්ම බොත්තම් (button) වලටත් ලබාදීමට හැකි වනු ඇතී.

2014/03/02

Google Ara: මීලඟ Nexus ව්‍යාපෘතිය ගැන තවත් තොරතුරු..





               Google ආයතනයේ කිසිදා යල්පැන නොයන දුරකථන සංකල්පය, Project Ara ව්‍යාපෘතිය ගැන විස්තර අප කලිනුත් ඔබට ලබාදුන්නා මතක ඇතී. ඒ පිළිබඳ තවත් විස්තර දැන් නිකුත් වී තිබෙනවා. Google ආයතනයේ මෙම පරිශීලකයාට කැමති පරිදී වෙනස් කල හැකි (plug-and-play customizable) ජංගම දුරකථනයේ (ක්‍රියාකාරී නැති) මුලාකෘතියක් (non-working prototype) එළිදැක්වීම Project Ara ප්‍රධානී Paul Eremenko අතින් පසුගියදා සිදුවුනා. Google ආයතනයේ දැක්ම අනුව මෙය  smart දුරකථන වල පමණක් නොව, දුරකථන වල ඒකක කොටස්/මොඩියුල වලද අනාගතය වනු ඇතී.

2014/02/27

Project Ara; Google වෙතින් කිසිදා යල්පැන නොයන දුරකථන.



              Google ආයතනය තම මොඩියුල දුරකථන සංකල්පය වෙළඳ කටයුතු සඳහා නිකුත්කිරීම 2015 පළමු කාර්තුවේ සිදුකිරීමට සූදානම් වනවා.  Project Ara හි ප්‍රධානී Paul Eremenko, මේ පිළීබඳව වන සැලසුම් එලිදක්වා තිබෙනවා. මෙය කිසිදා යල්පැන නොයන පරිශීලකයාටම නිරන්තරයෙන් අළුත් කළ හැකි ජංගම දුරකථනයක්.