Google ආයතනයේ කිසිදා යල්පැන නොයන දුරකථන සංකල්පය, Project Ara
ව්‍යාපෘතිය ගැන විස්තර අප කලිනුත් ඔබට ලබාදුන්නා මතක ඇතී.
ඒ පිළිබඳ තවත් විස්තර දැන් නිකුත් වී තිබෙනවා. Google ආයතනයේ මෙම පරිශීලකයාට කැමති පරිදී වෙනස් කල
හැකි (plug-and-play customizable) ජංගම
දුරකථනයේ (ක්‍රියාකාරී නැති) මුලාකෘතියක් (non-working prototype) එළිදැක්වීම Project Ara ප්‍රධානී Paul Eremenko
අතින් පසුගියදා සිදුවුනා. Google ආයතනයේ
දැක්ම අනුව මෙය smart දුරකථන වල පමණක් නොව, දුරකථන වල ඒකක කොටස්/මොඩියුල වලද
අනාගතය වනු ඇතී.
මෙසේ ඉදිරිපත් කර ඇත්තේ ඉහල කාර්මික
නිවැරදිතාවයකින් යුතු මූලාකෘතියක්. දැනට මෙම ව්‍යාපෘතිය "Project
Ara" ලෙස හැදින්වූවත් ඉදිරියේදී Google Ara ලෙස හැදින්වෙනු ඇතැයි Eremenko පැවසූවා.
මෙම දුරකථනයේ ඇතුලතින්ම බැටරිය සහිත ඇලුමිනියම්
අභ්‍යන්තර සැකිල්ලක් (Endoskeleton) පවතිනවා. දුරකථනයේ
ඒකක කොටස් සවි වන්නේ මේ සැකිල්ලටයි. දුරකථනයේ සෑම ඒකක කොටසක්ම නිවුටන් 3ක ස්ථිර
චුම්බකයකින් යුතුයි. මේවා මගින් දුරකථනයේ ඒකක කොටස් සැකිල්ලට රඳවා තබාගනු ඇතී. සැකිල්ල මේ ඒකක කොටස් වල සම්බන්ධතාවයද ඇති කරමින්
ඒකක කොටස් වලට එකිනෙක සමග දත්ත හුවමාරැව සඳහාඳ දායක වනු ඇතී. මෙම සම්බන්ධතා MIPI (the mobile industry consortium) M-PHY (on the physical layer) නම් ප්‍රොටොකෝලයක් මගින් ක්‍රියාකරනවා.
Google හි ඉලක්කය තෙවෙනි පාර්ශවයේ දෘඩාංග
නිර්මාණ කරුවන්ට වැඩි අවස්ථාවක් ලබාදීම බව
Eremenko පවසනවා
දුරකථනයේ ඒකක කොටස්/මොඩියුල පරිශිලකයාගේ කැමැත්ත
අනුව වෙනස් කිරීමටත් අළුත්වැඩියා කිරීමටත් හැකිවනවා. එමෙන්ම තමන්ට කැමති පරිදි
දුරකථනයට පහසුකම් එක් කිරීමටත් ඉවත් කිරීමටත් හැකියි. මොඩියුල සහිත සම්පූර්ණ දුරකථනය හෝ මොඩියුල තනි තනිව මිලදී ගැනීමට හෝ
ත්‍රිමාණ මුද්‍රණයෙන් තම නිවසේදී වුවද නිපදවා ගැනීමට පරිශිලකයාට හැකියාව තිබෙනවා.
මෙම දුරකථනයේ Android
සහිත සකසනය, තිරය සහ Wi-fi
මොඩියුලය සහිත මූලික ආකාරය නුදුරේදීම $50 කට නිකුත්කිරීමට Google බලාපොරොත්තු වනවා. එමෙන්ම එක මොඩියුලයක් $15 පමණ වනු ඇතී.
වීඩියෝව..
අදාල..







