නිතුක්වීමට නියමිත HTC One දුරකථනයේ අනුප්‍රාප්තික(successor) දුරකථනය වන HTC M8 වියහැකි
වීඩියොවක් YouTube මගින් අන්තර්ජාලයට නිකුත්වී තිබෙනවා.
විනාඩි 12ක් දිගු විඩියෝව HTC One සමග සන්සන්දනාත්මකව ඉදිරිපත් කර තිබෙනවා.මෙය
බොහෝදුරට කලින් නිකුත්වු HTC M8 ඡයාරූප සමගත් හොදින් ගැලපෙනවා.
HTC M8,
HTC One පෙනුමෙන් බොහෝ දුරට සමාන අතර නව පහසුකම් රැසක්
එක්කොට තිබෙනවා. මෙයට microSD
භාවිත කිරීමේ පහසුකම, Blinkfeed, නව බහුකාර්ය අතුරැමුහුණත (new
multitasking interface), සංගීත වාදකය(music player), නව කැමරා අතුරුමුහුණත සහ නව HTC Sense
6 UI අතුරුමුහුණත අයත්.
HTC M8 අඟල් 5ක 1080p තිරයකින්, Snapdragon 800 සකසනයකින්, ද්විත්ව පිටුපස කැමරා (dual-camera) සහ dual-LED flash පහසුකම් වලින්
හා රිදී පැහැය ඇතුලුව වර්ණ කිහිපයකින් යුතු වනු ඇතැයි බලාපොරොත්තු වනවා.
HTC M8 මාර්තු මස 25 එළිදැක්වීමට නියමිතයි.




