-->

2014/04/12

Assassin’s Creed Comet හි පසුබිම ඉපැරණි රෝමය?


             Xbox 360 හා PlayStation 360 සඳහා පැමිණිමට නියමිතැයි පැවසෙන Assassin’s Creed Comet, ඉපැරණි රෝමය පසුබිම් කොට ගනු ඇතැයි පවසෙනවා. ජූලියස් සීසර් ද මෙයට ඇතුලත් වනු ඇතී.

             මෙසේ පවසා සිටින්නේ  Ubisoft Toronto හි ප්‍රධානී Jade Raymond. Assassin’s Creed හි සාර්ථකත්වය ගැන අදහස් දක්වමින් ඇය මෙසේ ප්‍රකාශ කර සිටියා.

              Assassin’s Creed Unity  නැතිනමි Assassin’s Creed V හි පසුබිම ප්‍රංශ විප්ලවය බව දැන් තහවුරු වී හමාරයි. Assassin’s Creed Unity  මේ වසර අග භාගයේදී පරිගණක හා මීලඟ පරම්පරාවේ ක්‍රීඩා කොන්සෝල (Xbox One හා PlayStation 4) සඳහා නිකුත් කෙරෙනු ඇතී. Assassin’s Creed Cometද මේ වසර අග භාගයේ නිකුත් කෙරෙනු ඇතී. කෙසේ වෙතත් Unity සහයෝගය දක්වනු ඇත්තේ මීලග පරම්පරාවේ ක්‍රීඩා කොන්සෝල සඳහා පමණයි.

           Comet තවමත් නිළ වශයෙන් තහවුරු කොට නැහැ. සමහර ආරංචි වලට අනුව Comet හි පසුබිම උතුරු ඇමරිකාවද විය හැකියි. Assassin’s Creed 2 හි සහ Assassin’s Creed Brotherhood හි ද පසුබිම රෝමය වූවත් වෙනස් කාළ පරිච්ඡේදයි නියොජනය කරන්නේ.

Assassin’s Creed Unity හි විඩියෝව