-->

2014/04/10

Watch Dogs ක්‍රීඩා කිරීමට 8-core සකසනයක් හා 8GB RAM අවශ්‍යයි?


             නුදුරරේදිම පරිගණක හා ක්‍රීඩා කොන්සෝල සඳහා නිකුත් කිරීමට නියමිත Watch Dogs ක්‍රීඩාව සඳහා අවශ්‍ය අවම අවශ්‍යතා නිකුත් කොට තිබෙනවා.

            Watch Dogs හි නිර්මාණ අධ්‍යක්ෂක Jonathan Morin ට අනුව  මේ සඳහා Intel  හෝ AMD quad core සකසනයක්, 6GB  RAM,  1024MB VGA (shader 5.0 සහයෝගය සහිත), DX9 සහ 25GBක ඉඩක් අවශ්‍ය වනවා. මේ Watch Dogs සඳහා අවශ්‍ය වන අවම අවශ්‍යතා වන අතර, හොඳින් Watch Dogs ක්‍රීඩා කිරීමට නිර්දේශිත අවශ්‍යතා (recommended specs) මීට වඩා වැඩි විය හැකියි.

             Steam කළින් වාර්ථා කර තිබුනේ මෙයට  4GB RAM, 64-bit OS, NVIDIA GTX 460 හෝ Radeon HD 5770 VGAක් ප්‍රමාණවත් බවයි. කෙසේ වෙතත් මෙසේ අවම අවශ්‍යතා එළිදැක්වීමේ අරමුණ වි ඇත්තේ  Watch Dogs එළිදැක්වීමට පෙර පරිගණක ක්‍රීඩකයන් හට තම පරිගණක යාවත්කාලීන කිරීමට අවශ්‍ය කාලය ලබාදිමයි.

            Watch Dogs සඳහා අවශ්‍ය නිර්දේශිත අවශ්‍යතා වාර්ථා වන පරිදි මෙසේයි. 2GB VGA, (අවම වශයෙන් GTX 560Ti හෝ Radeon HD 7850), 8-core CPU, 8GB RAM, 25GB ඉඩක්.

Watch Dogs පරිගණක ක්‍රීඩාව මැයි 27 නිකුත් කිරීමට නියමිතයි.