-->

2014/04/10

අඟල් 4.7 iPhone 6 නිශ්පාදනය ආරම්භය ජූලි මාසයේ, අඟල් 5.5 සැප්තැම්බර් මාසයේ.


            නවතම ආරංචි වලට අනුව iPhone 6 නිශ්පාදනය යලිත් වරක් පමාවී තිබෙනවා. කලින් වාර්ථා වුයේ මේ දුරකථන දෙකම එළඹෙන මැයි මාසයේදී නිශ්පාදනය ආරම්භ කරන බවයි.

             ඒ අනුව අඟල් 4.7 iPhone 6 නිශ්පාදනය එළඹෙන ජූලි මාසයේත්, අඟල් 5.5 iPhone 6 නිශ්පාදනය සැප්තැම්බර් මාසයේත් ආරම්භ වනු ඇතී. මේ දුරකථන දෙකම 2014 සිවු වන කාර්තුවේදී වෙළඳපළට නිකුත් කිරීමට නියමිතයි.

             මෙසේ ප්‍රමාද වීමට හේතු වී තිබෙන්නේ විශාල iPhone 6 දුරකථනයේ ස්පර්ශ තිරයේ ඇතිවී තිබෙන ගැටලු කිහිපයක්. iPhone 6  කුඩා දුරකථනය මේ වසරේ එළිදැක්වෙන නමුත් විශාල දුරකථනය එළිදැක්වීම තවත් ප්‍රමාද විය හැකි බව සමහර වාර්ථා පවසනවා.


            Apple ආයතනයේ අරමුණ වී ඇත්තේ විශාල තිරයකින් යුත් දුරකථනයක් අඩු මිලකට ලභාදිමයි. "අඩු මිල" ගැන නම් කිසිවක් දැනට පැවසිය නොහැකි නමුත්, විශාල තිරය නම් තහවුරු වී හමාරයි.