-->

2014/04/09

Windows 8.1 යාවත්කාලීනය නිකුත්වෙයි.


              Windows 8.1 සඳහා වන පළමු ප්‍රධාන යාවත්කාලීනය ඊයේ නිකුත් කරනු ලැබුවා. මෙ මගින් Windows 8.1 හි අතුරුමුහුණතේ වෙනස්කම් කිහිපයක් සිදුකෙරෙනු ඇතී. Windows Update මගින් මෙම යාවත්කාලීනය ඔබට ලභාගත හැකීයි.





              ඔබේ පරිගණකයේ දකුණු පස මෙනුවට (Charms menu) පිවිස, එහි  Settings  -  Change PC Settings හි Update and recovery වෙත ගොස් "Check now" යන්න ලබා දීමෙන් මෙය සිදු කල හැකියි.  Microsoft ලොව පුරා මෙය කාණ්ඩ වශයෙන් බෙදා හරින නිසා, ඔබේ පරිගණකය තවමත් මෙම යාවත්කාලීනය නොපෙන්වනවා විය හැකි නමුත්, මේ සතිය ඇතුලතදී මෙම යාවත්කාලීනය ඹබේ පරිගණකයටත් ලැබෙනු ඇතී.


එසේ නොමැතිනම් පහත ලින්කු වෙත පිවිස ඹබට මෙම යාවත්කාලීනය manually බාගත කල හැකීයි.