-->

2014/06/12

Samsung මගින් නව දුරකථනයක්. Galaxy F “S5 Prime” හි ජයාරූප අන්තර්ජාලයට.


Galaxy F සහ Galaxy S5
        Samsung මගින් නිකුත් කිරීමට නියැමිතයි පැවසෙන Galaxy F, නැතිනම්  S5 Prime දුරකථනයේ ජායාරූප පෙලක් අන්තර්ජාලයට නිකුත්වී තිබෙනවා. මෙහි පිටුපස ලෝහ පෙනුමකින් යුතු අතර  LG G3 දුරකථනයේ වැනි පටු බේසල වලින් යුක්තයි.



         දැනට වාර්ථා වන අන්දමට Galaxy F, අඟල් 5.3 ක QHD තිරයකින් (පික්සල 2560x1440), Snapdragon 805 සකසනයකින්, 3 GB RAM මතකයකින් සහ OIS තාක්ශණය සහිත මෙගාපික්සල 16 ක කැමරාවකින් යුතුයි. මෙය LG G3 දුරකථනයට හොඳ අභියෝගයක් ලබා දෙනු ඇතී.



             Samsung ආයතනය තවම මෙම දුරකථනය ගැන නිල වශයෙන් කිසිවක් පවසා නැහැ. මෙය නිකුත් කෙරෙන දිනයක් ගැනත් තවම සඳහනක් නැහැ.