-->

2014/02/24

Sony ආයතනය Xperia Z2, 4K video පටිගත කිරීමේ හැකියාව සහිතව හඳුන්වාදෙයි.

              Sony , Xperia Z1 අනුප්‍රාප්තිකයා Xperia Z2 සුලු මොහොතකට කළින් හඳුන්වා දෙනු ලැබුවා.

              Sony TV සඳහා යොදන  Bravia tech තාක්ෂණය සහිතසහිත  5.2" 1080p Triluminos IPS තිරයක් මෙහි තිබෙනවා.



              කැමරාව 20.7MP වන අතර  4K video (3840 x 2160) පටිගත කල හැකියි(30fps). මෙහි සංවේදකය 1/2.3" (sensor) අතර   27mm  f/2.0 aperture G කාච භාවිතා කර තිබෙනවා. මෙහි නව පහසුකම් අතරට  Timeshift, (720p  30fps  video පටිගත කිරීමේ හැකියාව.)  Background defocus, සහ  Vines mode අයත්.

              මෙය Qualcomm නව Snapdragon 801,  Krait 400 core 4ක් සහිත 2.3GHz  සකසනයකින්ද  3GB RAM කින්ද සමන්විතයි.

              මෙහි තිරයේ ප්‍රමාණය වශාල වූවත් Xperia Z1 වලට වඩා පටු මෙන්ම ඝනකමින්ද අඩුයි. බැටරි ධාරිතාව  3,200mAh වන අතර බර 158g වනවා.


පෙර මෙන්ම  Xperia Z2ද  IP58 සහතික කිරීමෙන් යුතුයි. කළු,සුදු සහ දම් වර්ණ වලින් මෙය ලබාගත හැකියි.