-->

2014/03/04

Microsoft, XP සඳහා සහයෝගය නිමකිරීම නිල වශයෙන් දැනුම්දේ.



              Microsoft, Windows XP සඳහා සහයෝගය අප්‍රේල් 8 සිට නතර කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව තවදුරටත් XP සඳහා සුරැකුමි යාවත්කාලීන (security updates) නිකුත් කිරීම සිදු නොවනු ඇතී. Microsoft  හට අවශයව ඇත්තේ XP  භාවිතා කරන්නන් නව මෙහෙයුම් පද්ධති සඳහා යොමු කිරීමයි.


              XP භාවිතා කරන්නන් හට මේ ආකාරයේ පණිවුඩයක් අනතර්ජාලයට සම්බන්ධ වු විට ලැබෙනුඇතී.

 "Windows XP End of Support is on April 8, 2014. Click Here to learn more."

              XP භාවිතා කරන්නන් හට මෙම පණිවුඩය නොසලකා හැර "Don’t show this again" යන්නද තෝරා ගත හැකියි. නමුත් නව මෙහෙයුම් පද්ධතියක් සඳහා යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වන්නේ නම් Microsoft ඒ සඳහාද transfer මෘදුකාංගයක් නිකුත්කර තිබෙනවා. මෙය නොමිලේ ලබා ගත හැකියි.




             මෙය  PCmover Express for Windows XP ලෙස හැඳින්වෙනවා . මෙම මෘදුකාංගය මගින් XP සැකසුම් හා ගොනු (files and settings) Windows 7, Windows 8, හෝ Windows 8.1 සහිත පරිගණකයකට පිටපත්(copy) කර ගත හැකියි. මෙය පරිශිලකයාට අවශ්‍ය පරිදි  music, video, email, user profiles, සහ අනෙකුත් සැකසීම් පිටපත් කර දෙනු ඇතී