-->

2014/03/05

Windows Phone, Cortana හඬ සහායක යෙදුමේ වීඩියෝවක් නිකුත්වෙයි.


              Windows Phone 8 මගින් හඳුන්වා දීමට නියමිත Cortana හඬ සහායක යෙදුමේ වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත්වී තිබෙනවා. මෙය Apple iPhone සහ  iPad වල භාවිතා වන  Siri යෙදුමට සහ Google Now යෙදුමට සමාන යෙදුමක්. මේ වීඩියෝව අන්තර්ජාලයට නිකුත්කොට ඇත්තේ මීට පෙරද Windows Phone  සම්බන්ධ තොරතුරු අන්තර්ජාලයට නිකුත්කල වෙබි අඩවියක් මගින්මයි.


              මෙම හඳුන්වාදීමේ වීඩියෝවේදී Cortana මගින් ස්ථානීය දත්ත ලබාගන්නා ආකාරය, විද්‍යුත් තැපැල් සහ කෙටි පණිවුඩ තොරතුරු ලබා ගන්නා ආකාරය, දින දර්ශණ දත්ත මෙන්ම browser history හා search history දත්ත ලබා ගන්නා ආකාරය ඇතුලු බොහෝ විස්ථර පෙන්වා දෙනවා. එමෙන්ම ඔබට අවශ්‍ය ඕනැම අවස්ථාවකදී මෙම සේවාව වසා දැමිය හැකියි.


              ඔබට අවශ්‍ය නම් Cortanaට ඔබගේ දුරකථන ඇමතුම් හා කෙටි පණිවුඩ වලට ප්‍රතිචාර දැක්වීමට අවසර දිය හැකියි. එමෙන්ම Cortanaට ඔබට අවශ්‍ය පරිදි නිවේදන(notifications) නිහඬ කිරීමද සිදුකල හැකියි. මීට අමතරව ඔබට නන් අයුරින් සහාය විය හැකි තවත් පසුකම් රැසක් Cortana සතුයි.

වීඩියෝව.


අදාල..