-->

2014/03/04

iPhone Siri ට Microsoftගෙන් අභියොගයක්; Windows Phone වෙතින් Cortana.



              තවමත් නිල වශයෙන් තහවුරු නොකල iPhone Siri සහ Android Google Now සඳහා Windows Phone 8.1 පිළිතුර,  Cortana පෞද්ගලික ඩිජිටල් සහකරු පහසුකම සම්බන්ධ පරිශීලක අතුරුමුහුනතේ(ui) ඡයාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත්වී තිබෙනවා. මේ පිළිබඳ පළමුවෙන්ම තොරතුරු වාර්ථා වූයේ පසුගිය සැප්තැම්බර් මාසයේ. මෙය පරිශිලක අණ අනුගමනය කළහැකි කෘතිම බුද්ධියක්.


               The Verge වෙබ් අඩවියට අනුව, Cortana දුරකථන තිරයේ නිරූපණය කරනු ඇත්තේ වෘත්තයකින්. “සිතීමේදී“ මේ වෘත්තය සජීවීකරණය වනු ඇතී.

             Siri මෙන්ම Cortana ද තමා ඇමතිය යුතු ආකාරය වෙනස් කිරීමට පරිශිලකයාට හැකියාව තිබෙනවා. මීට අමතරව Google Now  වලට සමාන පහසුකමුත් මෙහි තිබෙනවා.


                කෙසේවෙතත්  Microsoft බෙහෝදුරට  Cortana  පහසුකම "Notebook" ලෙස නම් කරනු ඇතී. මේ මගින් ස්ථානීය දත්ත (location data), සිහිකැඳවීම් (reminders) මෙන්ම notification ද තොරා බේරා පරිශීලකයාට ලබා දෙනු ඇතී. එමෙන්ම Foursquareට අනුව ඉදිරියේදී Microsoft Bing search පහසුකමද Cortana මගින් ප්‍රතිස්ථාපනය වනු ඇතී.


             Microsoft මේ පිළීබඳ නිල වශයෙන් නිවේදනයක් නිකුත්කිරීම එළඹෙන අප්‍රේල් මස BUILD 2014 සමුළුවේදී සිදුකරනු ඇතැයි බලාපොරොත්තු වනවා.