Times of India පුවත්පතට අනුව, ඉන්දියානු දුරකථන නිශ්පාදක Karbonn , Android සහ
Windows Phone මෙහෙයුම් පද්ධති දෙකම සහිත දුරකථනයක් එළඹෙන ජූනි
මාසයේ එළිදැක්වීමට නියමිතයි.
Karbonn Mobile, Microsoft සමග
Windows Phone තම දුරකථන වල යොදාගැනීමට අදාලව ගිවිසුමක්ද
අත්සන් කොට තිබෙනවා. Microsoftද Windows Phone මෙහෙයුම්
පද්ධතිය තම දුරකථන සඳහා යොදාගැනීමට, දුරකථන නිශපාදකයන් උනන්දු කරමින් සිටිනවා.
Android හා Windows Phone
මෙහෙයුම් පද්ධති එකිනෙක
නෙගැලපෙන නමුත් මෙහෙයුම් පද්ධති දෙකම සමාන පහසුකම් ලබාදෙනවා.




