නිශ්පාදන 74ක් පරදවමින් LG G Flex දුරකථනය මේ වසරේ iF Design Awards
හිදි රන් සම්මානයක් දිනා ගෙන තිබෙනවා. LG
ආයතනයට අනුව, G
Flex සඳහා මේ සම්මානය ලැබී ඇත්තේ දුරකථනයේ සැකසුම් පසුපසට
ලබාදීමත් වක්‍රාකාර තිරයක් දුරකතන වලට හඳුන්වා දෙම්න් දුරකථන අතුරුමුහුණත(interface) නව මාර්ගයකට යොමු කිරීමත් සහ දුරකථන වල භාවිත
කාර්යක්ෂමතාව(ergonomics) මෙන්ම තත්වයද ඉහල නැංවීම නිසයි.
G Flex සිරස් අතට වක්‍රාකාර තිරයක් සහිත ලොව පළමුවන ජංගම
දුරකථනයයි. G2
මෙන්ම මෙහිත් දුරකථනයේ සැකසුම් පිටුපසට ලබාදී තිබෙනවා. එමෙන්ම මෙහි බේසලද(bezel) ඉතා පටුයි. LG මෙයටම
විශේෂිත ස්වභාවයෙන්ම නම්‍යශීලී POLED (Plastic
OLED) තිරයක් හඳුන්වා දී තිබුනා. මෙහි තවත්
විශේෂත්වයක් වන්නේ පිටුපස ආවරණය ස්වයං-සීරුම් මකාලීමේ (self-healing) හැකියාවෙන් යුතු අමුද්‍රව්‍යකින් නිපදවා
තිබීමයි.




