Facebook,Titan Aerospace
නැමැති drone නිශ්පාදන
ආයතනය මිලදී ගැනීමට යන බව වාර්ථා වනවා. Google Project Loon ට සමානවම මෙ මගිනුත් අන්තර්ජාල පහසුකම් රහිත
මෙන්ම අන්තර්ජාල පහසුකම් ලබාදීමට ඉහල මිලක් වැය වන ප්‍රදේශවලට අන්තර්ජාල පහසුකම්
ලබා දීමට නියමිතයි.
TechCrunchට අනුව, Internet.org
හි මූලික අරමුණක් වූ “ලොව සැමට අන්තර්ජාලය“ සංකල්පය මෙමගින් සැපිරෙණු ඇතී. නිල වශයෙන් වාර්ථා
නොවුනත් මේ ගනුදෙණුව සඳහා ඩොලර් මිලියන 60ක්, Facebook වැය කරනු ඇතැයි පැවසෙනවා.
Titan Aerospace සූර්ය ශක්තියෙන් ක්‍රියාත්මක වන පහළ කක්ෂිය (near-orbital) drone
යානා නිපදනවා. රාත්‍රියේදී මේවා බැටරි බලයෙන් ක්‍රියාත්මක වනු ඇතී. මේවා අළුත්
වැඩියා රහිතව බිමට නොබස්වා වසර 5ක්ම ගුවනේ තැබිය හැකියි. ප්‍රධාන වශයෙන්ම මේවා, Internet.org අවශ්‍යතා සඳහා මුලිකත්වය දෙමින්, අඩු වියදම් පහළ
කක්ෂීය චන්ද්‍රිකා ලෙස ක්‍රියාත්මක වෙනු ඇතී.
මේ අනුව Facebook සහ
WhatsApp, drone
යානා වලින් ලබාදෙන දුර්වල සංඥා වලින් ක්‍රියාත්මක කල හැකි ආකාරයට සකස් කෙරෙනු ඇතී.
Facebook කිසිවක්
සඳහන් නොකලත්, TechCrunch මේ සඳහා වන සාකචිඡා දැනටමත් ආරම්භ වී ඇතැයි
තහවුරු කරනවා.




