Apple, iPhone
දුරකථන, වාහන සමග සම්බන්ධ සමග කල හැකි ක්‍රමයක් වන CarPlay පහසුකම පසුගියදා හඳුන්වා දෙනු ලැබුවා. මෙමගින්
රථයේ පාලක(controls) මගින් හෝ තම කටහඬ පමණක් යොදාගනිමින් දුරකථනය හා
සම්බන්ධ වීමට රියදුරාට හැකියාව ලැබෙනවා.
CarPlay iPhone දුරකථනය Lightning
සම්බන්ධකය මගින් රථයට සම්බන්ධ කල පසු පරිශිලකයාට Siri
හා තම හඬ පමණක් භාවිතා කරමින් දුරකථන ඇමතුම් ලබාගැනීමත් කෙටි පණිවුඩ යැවීමත් කල හැකියි. එමෙන්ම Apple Maps භාවිතා කරමින් turn-by-turn
navigation පහසුකමත්, රථයේ තිරය මත සිතියම් දර්ශණ ලබා
ගැනීමත් කල හැකියි. ඊට අමතරව රථයේ ස්පීකර සමග සම්බන්ධ වී ගී වාදනය, podcast හා audiobooks
සඳහා සවන්දීම වැනි පහසුකමුත් මෙහි අන්තර්ගතයි. එක් වරක් සම්බන්ධ කල පමණින්ම ඉතා
පහසුවෙන් දුරකථනය සමග කටයුතු කිරීමට පරිශිලකයාට මෙයින් හැකියාව ලැබෙනවා.
CarPlay, Geneva International Motor Show හිදී නිල වශයෙන් එලිදක්වනු ඇතී. CarPlay, මෙම වසරේදී Ferrari, Mercedes-Benz
සහ Volvo සමග එක් වීමට නියමිතයි. ඊට අමතරව ඉදිරියේදී මෙම පහසුකම
BMW
Group, Ford, General Motors, Honda, Hyundai Motor Company, Jaguar Land Rover,
Kia Motors, Mitsubishi Motors, Nissan Motor Company, PSA Peugeot Citroën,
Subaru, Suzuki සහ
Toyota Motor Corp වෙතත් හඳුන්වා දෙනු ඇතී.
CarPlay, iOS 7 සහිත iPhone 5s, iPhone 5c සහ iPhone 5 සමග
පෙරකී වාහන නිශ්පාදකයනගේ වාහන වල භාවිතා කල හැකියි.
හඳුන්වාදීමේ වීඩියෝව
අදාල





