Nokia Sensors and Energy අංශයේ ප්‍රධාන
පර්යේෂක Markku, චාලක ශක්තියෙන් ආරෝපණය කල හැකි දුරකථන නිර්මාණයට
කිරීමට සූදානම් වනවා. නමුත් මෙය තවමත් අවසන් අදියරට පැමිණ නැතත් Markku සහ ඔහුගේ පර්යේෂන කණ්ඩායම මේ පිළිබඳව වන
හැඳින්වීමේ විඩියෝවක් නිකුත්කර තිබෙනවා.
Markku මෙම ව්‍යාපෘතිය Sea Turtle නම් කේත නාමයෙන් හඳුන්වනවා. මෙහිදී ශරීරයේ සරල චලන
මගින් නිපදවෙන වෝල්ටීයතාවයෙන් බැටරියක් ආරෝපණය කළ හැකියි.
"ඔබට නිසි සංඛ්‍යාතයෙන් චලනය විය හැකිනම්, ඔබට
විදුලිය තිබෙනවා" Markku
පවසනවා. මේ ක්‍රියාවලිය මගින් බැටරිය ආරෝපණය වන
ආකාරය Nokia දුරකථනයක් මගින් සජීවීව දැක ගැනීමේ හැකියාව
පරිශීලකයා සතුයි.
පෙර සඳහන් කල පරිදිම මෙය තවමත් පර්යේෂන මට්ටමේයි
පවතින්නේ, ඔබ දවසෙන් බාගයක් නැටුවත් දැනට ඔබට ආරෝපණය කර ගත හැක්කේ දුරකථනයේ
බැටරියෙන් 25%ක් පමණයි.
මෙහිදී ඔවුන් යොදාගෙන ඇත්තේ 3,400 mAh Li-ion බැටරියක් සහිත Lumia 1520 දුරකථනයක්. එමෙන්ම මේ විඩියෝව පටිගත කොට ඇත්තේ මෙගා පික්සල 41ක
කැමරාවකින් යුත් Nokia Lumia 1020 දුරකථනයක්.
විඩියෝව




