-->

2014/03/05

Batman Arkham Knight පරිගණක ක්‍රීඩාවේ පුර්ව ප්‍රචාරක විඩියෝව නිකුත්වෙයි.


             Batman Arkham ක්‍රීඩා කථා මාලාවේ අවසන් කොටස වන Batman Arkham Knight පරිගණක ක්‍රීඩාවේ පළමු පුර්ව ප්‍රචාරක විඩියෝව (trailer) නිකුත්කර තිබෙනවා. පෙර පරිදිම Rocksteady මෙය නිපදවන අතර WB Games බෙදා හැරීමට නියමිතයි.

            Batman Arkham Knight , සුපුරුදු Gotham City පාදක කරගෙනම නිර්මිතයි. මෙය 2011 Arkham City කථාමාලාවේම දිගුවක් ලෙසත් හැඳින්විය හැකියි. මෙහිදී ඔබට කථා මාලාවේ ප්‍රථම වරට Batmobile පැදවීමේ හැකියාවද ලබාදී තිබෙනවා. Batmobileයට මිසයිල නිකුත් කිරීමේ හැකියාව මෙන්ම Batmaneject කිරීමේ හැකියාවත් තිබෙනවා.


විඩියෝව

           WB Gamesට අනුව මෙහි කථාව Scarecrowගෙන් ආරම්භ වනු ඇතී. මීට අමතරව Penguin, Two-Face, Harley Quinn මෙන්ම  joker ද මෙයට එක් වනු ඇතී.

මෙය ලොව පුරා 2014 ඔක්තෝඹර් මාසයේ 14 වෙනිදා සිට බෙදා හැරීමට නියමිත බව ආරංචි මාර්ග පවසනවා.

              මෙය ක්‍රීඩා කිරීමට පරිගණකයේ සතු විය යුතු අවම අවශ්‍යතා මෙසේයි. INTEL Core 2 Duo E4600 2හෝ Athlon 64 X2 Dual Core 4800+ සකසනයක්, Nvidia GeForce GT 630 GDDR5 හෝ Radeon HD 3850 VGA,  2 GB RAM, Win Vista 32,  DX 10, 15 GB ඉඩක්. මෙම අවශ්‍යතා තවම තහවුරු කොට නැහැ.

අදාල