Ubisoft Toronto අධ්‍යක්ෂක Jade Raymond,
Assassin's Creed V හි කථාව ජපානය පසුබිම් කොට නොගනු ඇතැයි පවසනවා.
Raymond තව දුරටත් පවසන පරිදි Assassin's Creed V හි කථාව ඇගේ ප්‍රියතම “ඓතිහායික යුගය“ පසුබිම්
කොට නිපැයෙනු ඇතී. නමුත් එ කොහේ වනු
ඇත්දැයි ඈ පවසා නැහැ. Ubisoft Toronto අනාගත Assassin's
Creed ක්‍රීඩා සඳහා දායක වීමට නියමිතයි.
මෙහි කතාමාලාව නිර්මාණය කිරීමේදි, කල් පවතින වඩා
හොඳ කථාවක් නිර්මාණය කිරීම අරමුණ වූ බව ඈ පවසනවා.
ගිය මාසයේදී Ubisoft,
Assassin's Creed කථාමාලාව නිම කිරීමට වන බවට ආරංචියක් පැතිරුණා .
Assassin's Creed IV: Black Flag ප්‍රධාන රචක Darby McDevitt එය
එසේ නොවන බව විස්තර කර සිටියා.
Assassin's Creed V තවමත් නිල වශයෙන් දැනුම්දී නැහැ. කෙසේ වෙතත් මේ වසර අගදී මෙය නිකුත් කිරීමට
නියමිතයි.




