-->

2014/02/24

HTC, Desire 816 සහ Desire 610 මැදිපෙලේ දුරකථන හඳුන්වා දෙයි.

HTC ආයතනය  MWC 2014දී  නව මැදිපෙලේ දුරකථන 2ක් හඳුන්වාදෙනු ලැබුවා.


HTC Desire 816

                මෙය 156.6 x 78.7 x 7.99mm ප්‍රමාණයෙන් සහ 165g බරින් යුක්තයි. මෙය HTC One දුරකථනයේ පෙනුමට සමාන අතරම පහසු මිලකින් යුතු වනවා.


                මීට අමතරව මෙය 5.5 (720 x 1280 pixels) තිරයකින් යුතුයි. මෙය Qualcomm Snapdragon 400 1.6GHz quad-core සකසනයකින් බල ගැන්වෙන අතර  Adreno 305 GPU ක් සහ 1.5GB  RAM සහිතයි. microSD මගින් වැඩි කල හැකි 8GB අභ්‍යන්තර මතකයකින්ද යුතුයි.

               HTC මෙයට 13MP ප්‍රධාන කැමරාවකුත් 5MP ඉදිරිපස කැමරාවකුත් ලබාදී තිබෙනවා.

               Desire 816, GSM/GPRS/EDGE සහ WCDMA/HSPA+/4G LTE සමග Bluetooth 4.0 , Wi-Fi 802.11 b/g/n with Wi-Fi Direct සහිතයි. බැටරිය 2,600mAh වන අතර කළු, සුදු, තැඹිලි, ලා කොළ, තද නිල් සහ අළු වර්ණ වලින් ලබා ගත හැකියි.


HTC Desire 610

             Desire 610 හුරුබුහුටි අඟල් 4.7 qHD තිරයකින් යුතුයි. Snapdragon 400 Kraits quad-core 1.2 GHz සකසනයක්, 1GB RAM සහ microSD මගින් වැඩි කල හැකි 8GB අභ්‍යන්තර මතකයක්ද සහිතයි.

            LED flash සහිත 8 MP ප්‍රධාන කැමරාවකුත් 1.3MP ඉදිරිපස කැමරාවකුත්  තිබෙන මෙය 4G LTE  තාක්ෂණයෙන්ද යුක්තයි. බැටරිය 2,040mAh වනවා.

               HTC Desire 610, Android Jelly Bean භාවිත කරන අතර Sense UI  අතුරුමුහුණතෙන් යුක්තයි.