-->

2014/03/07

Facebook අතුරු මුහුණතේ වෙනසක්.



             වසරකට පමණ පෙර Facebook නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ Facebook අතුරු මුහුණත "personalized newspaper" (භාවිත කරන්නාගේ අවශ්‍ය තාවය අනුව වෙනස්කලහැකි පුවත්පතක්) ආකාරයේ අතුරුමුහුණතක ආකාරයට වෙනස් කරන බවයි. ඒ අනුව වැඩිපුර අළු පැහැය, තද වර්ණ රේඛා, විශාල ඡයාරූප වැනි වෙනසිකම් කිහිපයක් සිදුවීමට නියමිතයි.

             ක්‍රියාකාරීත්වය නම් වෙනස් වී ඇත්තේ සුළු වශයෙන්. අවහිර කරන ලද දෑ වෙනම අළු පැහැ පසුබිමකත්, වම් පස සුපුරුදු පිරිදි නම, ප්‍රියතම, කණ්ඩායම්, යහළුවන්, සහ ක්‍රීඩා ඇතුලු විස්තරත්, මධ්‍යයේ පුවත්ද, දකුණු පස නිවේදනද දැක්වෙනු ඇතී. පුද්ගලිකත්ව සැකසීම් සහ සෙවුම් සුපුරුදු ස්ථාන වලම තිබෙනු ඇතී.

පැරණි


නව


            දැනට භාවිතා වන සැකැස්ම වඩා සුදු පැහැයට හුරු වුවත් මෙම අතුරු මුහුණත අළු පැහැයට හුරුයි. නමුත් මේ මගින් අන්තර්ගතයට හෝ ක්‍රියාපිලිවෙලට වෙනසක් සිදු වන්නේ නැති බවට Facebook පවසා තිබෙනවා. දුරකථන අතුරුමුහුණතේද වෙනසක් සිදු නොවනු ඇතී. කෙසේවෙතත් මේ සතිය ඇතුලත මෙම වෙනස්කම් සිදු වනු ඇතී.