-->

2014/03/10

Samsung Galaxy S5 සහ Gear 2, Gear Fit හි නිල hands-on විඩියෝ නිකුත් වෙයි.


          ඔබට තවමත් Galaxy S5, Gear 2 හෝ  Gear Fit භාවිතය ගැනත් විශෙෂාංග ගැනත් නිසි අවබෝධයක් නැතිනම්, මේ විඩියෝ ද්විත්වය ඔබට ඒ අවබෝධය ලබා දෙනු ඇතී. මේ විඩියෝ ද්විත්වය අදාල උපකරන වල විශේෂාංග නිසි අයුරින් පැහැදිලි කොට පෙන්වා දෙනවා.


          ඔබ දන්නා පරිදි Galaxy S5 මෙගාපික්සල 16 කැමරාවකින් සමන්විතයි. ඊට අමතරව බලවත් 2.5 GHz quad-core සකසනයත් අඟල් 5.1ක් 1080p තිරයත්, දහසකුත් එකක් වු විවිධ පහසුකමුත් ඡායාරූපකරණයේදී ඔබට මනා සහයක් ලබා දෙන්නට සූදානම්. මෙම විඩියෝදී HDR Rich ඡයාරූප ලබා ගන්නා අයුරුත් කැමරාව අවශ්‍ය පරිදි නාභිගත කරන අයුරුත් (Selective Focus) මෙන්ම හෘද ස්පන්දන සීග්‍රතා සංවේදකය හා ඇඟිලි සලකුණු සංවේදකය භාවිතා කරන අයුරුත් ඔබට පැහැදිලි කොට දෙනවා.


          Gear 2 smart ඔරලෝසුව Galaxy Gear මගින් සපුරා වෙනස් වූවක්. සැලැස්ම, ඝනකම, බෝත්තම් හා කැමරා පිහිටන ස්ථාන පමණක් නොව මෙහෙයුම් පද්ධතිය පවා සපුරා වෙනස් කොට තිබෙනවා (Tizen OS). Gear 2 හිත් Galaxy S5 ට සමානවම හෘද ස්පන්දන සීග්‍රතා සංවේදකයක් අඩංගු කොට තිබෙනවා. මෙය ක්‍රීඩා කටයුතු වලදී මෙන්ම එදිනෙදා සෞබ්‍ය සම්බන්ධ කටයුතු වලදීත් ප්‍රයෝජනවත් වනු ඇතී.


              Gear Fit වඩාත් ශරිර යෝග්‍යතාව සම්බන්ධ කටයුතු සඳහාම නිපදවූවක්. කවාකාර ස්පර්ශ තිරයත්, හෘද ස්පන්දන සීග්‍රතා සංවේදකයත් කැමරාවත් මෙහි අතර පහසුකම් අතරට අයත්. මෙහි Tizen හෝ Android නොමැති නිසා Gear 2 තරම්ම අමතර විශේෂාංග අඩංගු නැහැ.


අදාල
Samsung Gear Fit හඳුන්වාදෙයි.
Samsung Gear 2 සහ Gear 2 Neo නිකුත්කරයි.
Samsung Galaxy S5 ඔබ දැනගතයු සියලුදේ.