යුදමය ස්වයංපාලක drone ගුවන්යානා,
ස්වයංපාලක වාහන ගැන අප අසා ඇතිමුත් ස්වයංපාලක නෞකා ගැන අප අසන ප්‍රථම වාරයයි මේ. Rolls-Royce Holdings Plc, මේ සඳහා වන ඔවුන්ගේ සැලසුම් එලිදක්වා තිබෙනවා.
Rolls-Royce Holdings Plc දැන් මෙම
ස්වයංපාලක නෞකා සැලසුම් කරමින් සිටිනවා. Rolls-Royce
හි Blue Ocean සංවර්ධන කණ්ඩායම මෙහි මූලාකෘතියක් (prototype) නිපදවමින් සිටිනවා. මෙහිදී කපිතාන්ට ගොඩබිමක
සිට නැවේ පාලන මධ්‍යස්ථානය (bridge) අතථ්‍යව (virtualy) අත්විඳිමින් නැව පාලනය කල හැකිවනවා. මේ නිසා
නාවිකයන්ට හා ඔවුන්ගේ වාසස්ථාන සඳහා යන ඉඩ අඩු වන නිසා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනය
කල හැකියි. තවද දීර්ඝ ගමන් වල වියදමද අවමවනවා.
Rolls මෙය වඩා ආරක්ශිත හා දූශනය අවම ක්‍රමවේදයක් ලෙස
පවසනවා. මේවා ඉදිරි දශකය ඇතුලත බෝල්ටික් මුහුදේ යෙදවීමට නියම්තයි.




