Apple, Gorilla Glass ආවරණ
iPhone 6 සදහා භාවිතා නොකිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව Apple, sapphire
තිර ආවරණ භාවිතා කිරීමට නියමිතයි.
Sapphire ආවරණ වල අධික කල් පැවැත්මත් සීරැම් වලට ප්‍රතිරෝධි
භාවයත් නිසා මෙවා භාවිතා කරනුයේ අධි තාක්ශණික උපකරණ සඳහා පමණයි.
දැනට sapphire
ආවරණ iPhone හි කැමරා
කාච හා ඇඟිලි සළකුණු සංවේදකය ආවරණය සඳහා යොදාගැනෙණවා. පැමිණීමට නියමිත iWatch සඳහාද මේවා භාවිතා කිරීමට නියමිතයි.
Apple සඳහා sapphire
ආවරණ සපයන්නේ GT Advanced ආයතනයයි. නමුත් මේ සඳහා Gorilla Glass භාවිතා කරනවාට වඩා 3-4 ගුණයක වැඩිපුර මුදලක්
වැයවන බව පවසනවා.
iPhone 6 බොහෝදුරට 2014 සැප්තැම්බර් මාසයේ නිකුත් කෙරෙනු ඇති.




